April 18, 2024

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි සත්කාර ඒකකයට

මීට දින 10කට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වන බොරිස් ජොන්සන් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට තහවුරු වීමත් සමඟ ස්වයං නිරෝධායනයට යොමුවිය. නමුත් පසුගිය ඉරිදා (05) දිනයේ දී ඔහුගේ රෝග ලක්ෂණවල වෙනසක් නොවීම සහ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා වෛද්‍ය උපදෙස් මත ලන්ඩනයේ සාන්ත තෝමස් රෝහලට ඇතුළත් කරනු ලැබුණි.

එහිදී ඔහුට තරමක් ආසාධ්‍ය වීම නිසා එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කිරීමට තීරණය කිරීමට අග්‍රාමාත්‍යවරයාට ප්‍රතිකාර කරන විශේෂ වෛද්‍ය කණ්ඩායම තීරණය කර ඇතිබවට සඳහන් වෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයෙන් මේ බව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ රෝහලට ඇතුළත් ඔහුගේ තත්ත්වය තරමක් ආසාධ්‍ය තත්ත්වයට පත් වු බවයි. ඉන්පසුව අග්‍රාමාත්‍යවරයාගේ වෛද්‍යවරුන් කණ්ඩායම ඔහුට හදිසි ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර බව සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන රාජ්‍ය ලේකම්වරයා වෙන විදේශ ලේකම් ඩොමිනික් රාබ්ගෙන් අවශ්‍ය අවස්ථාවන්හිදී ඔහු වෙනුවෙන් පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇතිබව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 April 2020 01:28