April 20, 2024

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ ඇ.එ.ජ යුද නෞකාවේ කපිතාන්වරයාටත් කොරෝනා

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාවේ කපිතාන්වරයා ඔහුගේ ඉල්ලීමක් මුලික කරගෙන පසුගියදා සේවයෙන් ඉවත් කිරීමට එරට පෙන්ටගනයේ බලධාරීන් තීරණය කර තිබුණා. ඔහුගේ ඉල්ලීම වී තිබුණේ තමන්ගේ නෞකාවේ සිටින කොරෝනා වෛරස් ආසාදිත නාවිකයන්ට ප්‍රතිකාර ලබා දීමත්, ඉතිරි පිරිස ගලවා ගැනීමට කටයුතු කරන ලෙසයි. නමුත් ඔහු එම තොරතුරු පුවත්පතකට ලබා දුන් චෝදනා මත ඔහුව සේවයෙන් ඉවත් කරනු ලබනවා. පසුව නෞකාවේ සියලු නාවිකයන්ගේ ගෞරව උත්තමාචාර මධ්‍යයේ ඔහු නෞකාවෙන් ඉවත් වී ගොස් තිබුණා.

මෙම බ්‍රෙට් ක්‍රොසියර් නම් මෙම කපිතාන්වරයාටත් දැන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට තහවුරු වී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. ඔහුව සේවයෙන් ඉවත් කිරීමට පෙර සිටම ඔහු තුළ රෝග ලක්ෂණ ඇති වීමට ආරම්භ වී තිබුණු බවත් සඳහන්. මේ වෙන විට ඔහු සේවය කළ යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නෞකාව කොරෝනා ආසාදිත නාවිකයන් සමඟම 4000ක් වු පිරිස සමඟ නාවික හමුදා වරායක නිරෝධායනයන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 April 2020 14:04