April 25, 2024

ලෝකයේ වන සතුන්ව මස් පිණිස මැරීම සීමාවෙයි?

ලෝකයට මේ වන විට දැඩි අර්බුදයක් එල්ල වී ඇති කොවිඩ් -19 රෝගී වසංගතය ඇරඹෙන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන්වල වන සතුන් මස් පිණිස අලෙවි කරන වෙළෙඳපොළක් ආශ්‍රයෙනි.

අසියාවේ සමහර රටවල් විවිධ වන සතුන් මස් පිණිස ආහාරයට ගැනීමට පෙළඹී සිටින්නේ තමන්ගේ ධනය සහ බලය පෙන්වීම සඳහායි. එමෙන්ම නීති විරෝධී ලෙස සමහර ඖෂධ වර්ග නිපදවීම සඳහා ද මෙලෙස වන සතුන් මරා දමන බව වාර්තා වෙයි. මෙම නීති විරෝධී වන ජීවි ඝාතනයන් සිදු කිරීම හා ඒවායේ තිබී මිනිසාට වැළැඳිය හැකි හඳුනා නොගත් වෛරසයන් පිළිබඳව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විටත් හිමි වීමට පටන් ගෙන ඇති බව සඳහන්.

චීනයේ ද මෙලෙස මෙම සිදුවීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට ඇති අතර මෙම වසර අවසානය වෙන විට වන ජීවින් මස් පිණිස ඝාතනය කිරීම හා අලෙවි කිරීම පිළීබඳව විශේෂ නීති රාමුවක් ද එළිදැක්වීමට සුදානම්ව සිටින බවත් සඳහන් වෙයි.

ලෝකයේ බොහෝ දෙනා අපේක්ෂාවෙන් ඉන්නේ මේ තත්ත්වය මත ලෝකයේ වනජීවි මරණයට පත් කිරීමට නව සිමා මායිම් පැනවෙනු ඇති බවයි.

Rate this item
(0 votes)