March 28, 2024

“අපි නැවත හමුවෙමු” දෙවෙනි එලිසබෙත් මහා රැජිණ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය තුළ දැඩි අර්බුද ගණනාවක් නිර්මාණය කරමින් තිබිය දී දෙවෙනි එලිසබෙත් මහ රැජිණ ඇයගේ නිහඬතාවය බිඳිමින් අද එරට ජනතාව හමුවටවිත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය. ඇයගේ කතාව සිදු කරනු ලැබුවේ වින්ඩ්සර් මන්දිරයේ සිටයි.

රැජිණ ඇයගේ කතාව තුළ දී ස්වයං විනය පවත්වාගෙන යාම සහ එහි වටිනාකම ගැන පැහැදිළි කර දුන්නේය. ඇය එහිදී කියා සිටියේ දිනක මේ සියලු දේවල් නිමාවට පත් වෙන අවස්ථාවක තමන්ද ස්වයං විනය පවත්වාගෙන යමින් එය මැඩපැවැත්වීමට දැක්වූ සහය පිළිබඳව සතුටු විය හැකිබවයි.

මෙන්ම ඇයගේ කතාව තුළදී වර්ෂ 1940 දී ඇයට වයස අවු.14ක් වූ සමයේ ඇයගේ සහෝදරිය වූ මාග්‍රට් කුමරිය සමඟ එක්ව දෙවන ලෝක යුද්ධය පැවැති සමයේ දරුවන් අමතා කළ ඇයගේ පළමු ජාතිය ඇමතීමේ කතාවද ඇය සිහිපත් කළාය.

ඇයගේ කතාවේ තුළ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට සහ වෛරසයට එරෙහි සටනේ ඉදිරිපෙළ ක්‍රියාකරමින් සිටින සියලු දෙනාට ඇයගේ ස්තූතිය පුද කිරීමටද ඇය කටයුතු කළාය.

සමාජ දුරස්ථ භාවය හෙවත් දෙදෙනෙකු අතර පරතරය පවත්වා ගෙන යෑම මඟින් තමන්ගේ ආදරණීයම අයගේ වියෝව පිළිබඳව එරට වැසියන්ට කණගාටු වීමට සිදු නොවනු ඇතිබව කියා තිබුණා.

එමෙන්ම රටේ පුරවැසියන්ගේ එකමුතු භාවය ගැන ප්‍රකාශ කළ ඇය, ඊට උදාහරණ ලෙස එරට ජාතික සෞඛ්‍ය සේවය තුළ සේවයේ නිරත වෙන පිරිස් හට ජනතාව ඇතුළු සියලු තරාතිරම්වල අය එක්ව අත්පොළසන් දෙමින් කරන ලද ගෞරවය පුද කිරීමත්, ජනතාව එකිනෙකාට ආහාර පාන ලබා දෙමින් එකට සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ගෙන දැක්වීය.

කොරෝනා වෛරසය පිළිබඳව සටනේ ජයග්‍රහණය රටක් ලෙස ඔවුන් අනිවාර්යෙන් ලබා ගන්නා බවද රැජින අවධාරණය කළ සිටි අතර පැරැණි වේරා ලින්ගේ යුධ කාලීන ගීතයක පදයක් සිහිපත් කරමින් ඇය අවසාන වශයෙන් රටට සහතික කළ සිටියේ “අපි නැවත හමුවෙමු” යන්නයි

1952 දී එක්සත් රාජධානිය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයේ බලයට පත්වෙන දෙවෙනි එලිසබෙත් රැජින ඇයගේ 67 වසරක පාලන කාලය තුළ ඇයගේ නත්තල් ප්‍රකාශය හැරුණු කොට ජාතිය අමතන ලද්දේ 4 වෙනි වතාවට වීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)