April 24, 2024

ලෝක බැංකුවෙන් ඉන්දියාට ඇ.ඩො බිලියන 1ක මූල්‍ය පැකේජයක් ලබා දෙයි

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ලෝක බැංකුව විසින් ඉන්දියාවට ඇ.ඩො බිලියන 1ක මූල්‍ය පැකේජයක් ලබා දීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. 

ඉන්දියාට මෙම මූල්‍ය පැකේජය ලබා දෙමින් ලෝක බැංකුව පවසා තිබුණේ මෙම මුදල්වලින් ඉන්දියාව තුළ රෝගීන්ව තබා ගැනීම සඳහා හුදෙකලා කරන ලද වාට්ටු, රසායනාගාර පරික්ෂාවන් දියුණු කර ගැනීම සඳහා, අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා ඉන්දියාව මෙම මුදල් භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ වන විට දකුණු ආසියාවේ පාකිස්ථානය සඳහා ඇ.ඩො.මිලියන 200ක්, ඇෆ්ගනිස්ථානය සඳහා ඇ.ඩො.මිලියන 100ක්, මාලදිවයින සඳහා ඇ.ඩො මිලියන 7.3ක් සහ ශ්‍රී ලංකාව සඳහා ඇ.ඩො. මිලියන 128.6ක් ද ලබා දීම සඳහා ලෝක බැංකුව අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව ලෝක බැංකුව විසින් රටවල් 25ක් අතරේ ඇ.ඩො බිලියන 02ක මූල්‍ය පැකේජයන් බෙදා හැරීමටද නියමිත බවයි වාර්තා වෙන්නේ.

Rate this item
(0 votes)