ගෙවී ගිය පැය 24 තුළ ස්පාඤ්ඤයේ 950 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය ගොස් ඇතිබව වාර්තාවෙයි. ඒ සමඟම 10,003ක් මේ වෙන විට ස්පාඤ්ඤය තුළ කොරෝනා හේතුවෙන් මියගොස් ඇත. කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව දස දහස ඉක්මවූ දෙවන රට බවටද ස්පාඤ්ඤය පත් වී ඇත. මේ වෙන විට ස්පාඤ්ඤය තුළ වෛරසය ආසාදනය වූ 110,238ක් සිටි.