May 25, 2020

ආහාර, ටොයිලට් පේපර්ස්වලට අමතරව ඇමෙරිකාවේ ගිනිඅවි අලෙවියත් ඉහළ යයි

ඇමෙරිකානු ජනතාව අත්‍යවශ්‍ය ආහාර සහ ටොයිලට් පේපර්ස්වලට අමතරව ගිනි අවි ද ගොඩ ගසා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍ෆ්බීඅයි (FBI) ආයතනය කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබෙන්නේ ගිනි අවි මිලදී ගණන් ප්‍රමාණය 32%කින් ඉහළ ගොස් ඇතිබවයි. 

FBI ආයතන විසින් නිකුත් කරනු ලබන NICS Firearm Checks වාර්තාව අනුව පසුගිය මාසයේ දී ගිනිඅවි මිලියන 2.8ක් ඔවුන් විසින් හඳුනා ගෙන ඇති අතර මාර්තු මාසයේ දී එය 3,740,688 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ආයතනය පෙන්වා දෙයි. වර්ෂ 1998 පසුව කළ විශාලම ගිනි අවි පරික්ෂාව එය බවද FBI ආයතනය පෙන්වා දෙයි.

Rate this item
(1 Vote)