April 24, 2024

ජපානයේ සෑම පවුලකටම මුහුණු ආවරණ 2ක් ලබා දීමේ උත්සහය ගැටලුකාරී වෙයි

ජපාන බලධාරීන් විසින් සෑම පවුලකටම මුහුණු ආවරණ දෙකක් ලබා දීමට ගත් උත්සහය ගැටලුකාරී දෙයක් බවට පත් වී ඇතැයි වාර්තා වේ. මෙම මුහුණු ආවරණය ලබා දීමට තීරණය ගත් විගසම ජපන් ජනතාව ට්විටර් සමාජ ජාලය  තුළ #TwoFaceMask හෑෂ්ටැගය භාවිත කරමින් මේ පිළීබඳව විවිධ අදහස් දක්වා තිබුණි.

බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබුණේ පවුලේ දෙදෙනෙකුට වඩා සිටිනවා නම් මුහුණු ආවරණ 2කින් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්නයි. තවත් පිරිසක් වෙනත් රටවල් විසින් ලබා දුන් සහනාධාර සහ මුදල් ආධාර සමඟ මෙම මුහුණු ආවරණ 2ක සංසන්දය කර තිබුණි.

ජපානයේ අගනුවර වෙන ටෝකියෝ හී පසුගිය දින 10 තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයන් 3 ගුණයකින් ඉහළ ගොස් ඇතිබව වාර්තාවෙයි.

Rate this item
(0 votes)