April 24, 2024

ලෝක ප්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා කොරෝනා හේතුවෙන් මරණයට පත්වෙයි

ලෝකයේ ප්‍රසිද්ධම ස්නායු පිළිබඳව ශල්‍ය වෛද්‍යවරයෙකු වෙන වෛද්‍ය ජේම්ස් ටී.ගොඩ්රිච් මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඔහු සේවය කරමින් සිටි නිව්යොර්ක් නගරයේ රෝහලදීම මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.  ලෝකයේ දෙබිඩි දරු උපත් ලෙස වාර්තා වෙන බොහෝ දරුවන්ව වෙන් කිරීමට සාර්ථකව කටයුතු කළ වෛද්‍යවරයෙක් ලෙස ඔහුව හඳුන්වනු ලබයි. 2004 වසරේ දී සිරියානු දෙබිඩි දරුවන් දෙනෙකු වෙන් කිරීමත් සමඟ ඔහු ලෝක ප්‍රසිද්ධියට පත් විය.

බොහෝ දෙබිඩි දරුවන් ප්‍රමාණයක් සුව කිරීමට ඔහු සමත්ව තිබු අතර ඔහුගේ අහිමි වීම ඇමෙරිකානු සෞඛ්‍ය පද්ධතියට දැඩි පාඩුවක් බවද වෛද්‍යවරුන් කියා සිටි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 March 2020 17:45