රාජකීයත්වය අත් හැරීමෙන් පසු හැරී සහ මේගන් බ්‍රිතාන්‍යයෙන් ඉවත් වී ජීවත් වීම සඳහා කැනඩාව වෙත පැමිණ තිබුණා. නමුත් දිගින් දිගටම පැතිරී යන කොරෝනා වසංගය හේතුවෙන් එම යුවල මේගන්ගේ නිවෙස පිහිටි ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයට ගොස් තිබුණා.
ඔවුන්ගේ පැමිණිම සමඟ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගී තිබුණු අතර ඇමෙරිකානු ජනපතිවරයා දැඩි ස්ථාවරයක සිට පවසා තිබුණේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් මුදල් ගෙවිය යුතු බවයි. ජනපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඔහු එක්සත් රාජධානියේ සහ රැජිණගේ හොඳම මිතුරෙකු සහ අගයකරන්නෙකු බවයි. හැරී සහ මේගන් කැනඩාව අත්හැර දැන් ඇමෙරිකාවේ පදිංචියට පැමිණ ඇති බවත් තමන්ට දැනගන්න ලැබුණු බව පවසන ජනපතිවරයා ඔවුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුදල් ඔවුන්ටම දැරීමට සිදුවෙන බවද පවසා තිබුණා.
ඔවුන් දෙපළ කැනඩාවට පිටත්ව යන අවස්ථාවෙත් කැනේඩියානු රජයද තමන්ට හැරී සහ මේගන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීම ගත නොහැකි බව පවසා එය ඔවුන්ට සපයා ගත යුතුයැයි ප්‍රකාශ කර තිබුණා.
I am a great friend and admirer of the Queen & the United Kingdom. It was reported that Harry and Meghan, who left the Kingdom, would reside permanently in Canada. Now they have left Canada for the U.S. however, the U.S. will not pay for their security protection. They must pay!
— Donald J. Trump (@realDonaldTrump) March 29, 2020