March 29, 2024

ලොක්ඩුවන් කිරීම ගැන ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමාව අයදී

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ගුවන් විදුලි පණිවිඩයක් හරහා එරට රට වැසියන්ගෙන් සමාව අයැද සිටි බව සඳහන් වෙනවා.

පැය 04ක් වැනි අඩු කාලයකින් දැනුම් දීමක් සිදු කර ලොක්ඩවුන් ක්‍රියාවලිය බලාත්මක කිරීම නිසා උද්ගතව ඇති තත්ත්වය මත අග්‍රාමාත්‍යවරයා සමාව අයැද සිටි බව සඳහන් වේ. ඔහු එහිදී කියා සිටියේ බොහෝ දෙනෙක් තම නිවෙස්වලට කොටු වී සිටීම ගැන තමන් සමඟ කෝපයෙන් ඇති බවයි. නමුත් නව කොරෝනා වෛරසය සමඟ සටන් කිරීමට ඒ හැර ක්‍රමයක් නොතිබුණු බව පවසන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ බිලියන 1.3ක් ජීවත් වෙන ඉන්දියාව වැනි රටක ජීවිතයත් මරණයත් අතර ඇති මෙම සටන අනිවාර්යෙන් ඔවුන් ජයග්‍රහණය කළ යුතු බවයි.

ඉන්දියාව මේ වෙන විට දින 21ක කාලයක් සඳහා ලොක්ඩවුන් කර පවතී.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 29 March 2020 19:09