April 23, 2024

වෛද්‍ය සැපයුම් සහිත දුම්රියක් වුහාන්වල සිට යුරෝපය බලා පිටත්වේ

චීනයේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමඟ එරට බලධාරීන් අභ්‍යන්තර දුම්රිය සේවා සහ ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ පනවා තිබූ දැඩි නීතිද ලිහිල් කරමිනි.

ඒ අනුව චීනයේ මධ්‍යම හුබෙයි පළාතේ අගනගරය වෙන වුහාන්වල සිට ජර්මනියේ ඩුයිස්බර්ග් නගරය දක්වා වෛද්‍ය සැපයුම් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය රැගත් දුම්රියක් සති 02ක කාලයක් තුළ දී ළඟා වීමට නියමිතව ඇතිබව චීන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ අනුව පසුගිය සෙනසුරාදා (27) දින චීනයේ X8015 / 6 දුම්රිය භාණ්ඩ බහාලුම් 50ක් ද සමඟ වුහාන් දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණා.

මෙම දුම්රියේ රැගෙන යන සියලුම ද්‍රව්‍ය දේශිය නිෂ්පාදන ලෙස සඳහන් කරන අතර මෙට්‍රික් ටෝන් 166.4ක ප්‍රතිකාර ලබන රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට අවශ්‍ය රෙදි තිබෙන බවද චීන මාධ්‍ය වාර්තා සඳහන් කර සිටි. ඊට අමතරව සන්නිවේදන උපකරණ සහ කේබල් , වාහන අමතර කොටස් ද ඒ අතර වෙනවා. මෙම සියලු භාණ්ඩ යුරෝපයේ දැඩිම පීඩාවට පත්ව තිබෙන සියලු රටවල ප්‍රතිකාර සහ අවශ්‍යතාවයන් සඳහා යෙදවීමට නියමිත බවත් සඳහන් වේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 29 March 2020 14:08