April 20, 2024

ඉන්දියාවත් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා කරයි

ඉන්දියාව දිනක් තුළ වාර්තා කළ වැඩිම කොරෝනා ආසාදනයන් ප්‍රමාණය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ දී නව කොරෝනා ආසාදිතයන් 149 දෙනෙකු සොයා ගත් බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වන විට ඉන්දියාව තුළ වසංගතයට ගොදුරු වූවන් 873 දෙනෙකු සිටින අතර මරණ 19ක් වාර්තා වෙයි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළින් දැනට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම ගණන 180කි. දකුණු කේරළ ප්‍රාන්තයෙන් 173 දෙනෙකු වාර්තා වී ඇති බවත් සඳහන් වේ.

Rate this item
(0 votes)