April 25, 2024

"කාලය නාස්ති නොකර ඉක්මණින් වෙන්ටිලේටර් හදන්න" - ඇමෙරිකානු ජනපති උපරිම බලය යොදයි

ඇමෙරිකානු ජනාධිපතිවරයා තරමක් කෝපයෙන් එරට ප්‍රධාන පෙළේ වාහන සහ රජයේ ප්‍රධාන යන්ත්‍ර උපකරණ නිෂ්පාදිත ආයතනයක් වෙන ජෙනරල් මෝටර්ස් (General Motors) ආයතනයට බැන වැදී ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මෙම නියෝගය සිදු කර ඇත්තේ ඔහුට ලැබුණු අලුත් බලතලයක් සමඟයි. කොරියානු යුද සමයේ දී සම්මත කරන ලද විශේෂ පනතක් නැවත බලාත්මක කිරීමට ඩොන්ලඩ් ට්‍රම්ප් ජනපතිවරයා කටයුතු කර තිබුණි. එම පනත අනුව රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එරට සියලුම කර්මාන්ත සහ නිෂ්පාදන අංශයන්ට නිෂ්පාදනයන් කිරීමට අණ ලබා දීමට ජනපතිවරයාට බලතල හිමිවෙයි.

මෙම බලතල අනුව යමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ජෙනරල් මෝටර්ස් ආයතනයේ ප්‍රධානීන්ට කෝපයෙන් මෙන් ප්‍රකාශ කර තිබුණේ වහාම ආසධ්‍ය රෝගීන්ට ශ්වසනය කිරීමට කෘතිම ශ්වසනය ලබා දෙන වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනයට කටයුතු කරන ලෙසයි. නමුත් ජනාධිපතිවරයා මීට පෙර විශේෂ ආරක්ෂක බලතල යොදා ගැනීමට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර තිබුණේ සියලු කර්මාන්තශාලා සහ සමාගම් කොරෝනා වෛරසය පාලනයට සහාය ස්වේඡාවෙන් කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය මතය.

ජෙනරල් මෝටර්ස් ආයතනය මීට පෙර වෙන්ටිලේටර් යන්ත්‍ර 40,000ක් ලබා දීමට පොරොන්දු වී තිබුණත් ලබා දී තිබුණේ 6,000ක් පමණයි. ඔවුන් එම නිෂ්පාදනයන් සඳහා ඉහළ අගයක් ඉල්ලා තිබුණු බව සඳහන් වෙනවා.

ජනපති ට්‍රම්ප් ජෙනරල් මෝටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීනිය වෙනු මෙරී බාබරාව දැඩි ලෙස විවේචනය කරමින් කියා තිබුණේ ඇය සෑම විටම මහා අවුල් ජාලයක් බව පවසමිනි. ට්‍රම්ප් ඔහුගේ ට්විටර් පණිවිඩය තුළද සටහනක් එක් කරමින් ජෙනරල් මෝටර්ස් ආයතනයට මෙසේ පවසා තිබුණි, ජෙනරල් මෝටර්ස් ඔහියෝවල තිබෙන මෝඩ ලෙස අත්හැර දමන ලද කර්මාන්ත ශාලාව හෝ වෙනත් ඕනෑම කර්මාන්ත ශාලාවක් විවෘත කර වාහම හැකි උපරිමයෙන් වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය කරන්න යැයි පවසා තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 28 March 2020 12:55