April 19, 2024

"සමහර අය මැරිලා යයි - ඒක තමයි ජීවිතය" බ්‍රසීල ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

බ්‍රසීල ජනපතිවරයා වෙන බොල්සොනාරෝ සහ එරට ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් අතර උණුසුම් මත ගැටුම් නිර්මාණය වෙමින් ඇත. 

ඊයේ (27) දිනයේ දී බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර සිදු වු නව මරණ සංඛ්‍යාව ගැන ජනපති බොල්සොනාරෝ සැක පළ කළේය. කිසිදු ප්‍රකාශයට සාක්ෂි ලබා නොදෙමින් සාඕ පාවුලෝ නුවර ආණ්ඩුකාරවරයා දේශපාලන අරමුණු තකා මිය ගිය පුද්ගලයන් ප්‍රමාණය වෙනස් කර ඇති බව බ්‍රසීල ජනපති බොල්සොනාරෝ පවසයි.

දෙපිරිස අතර තත්ත්වය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අවස්ථාවක වේගයෙන් පැතිරී යන වෛරස් රෝගයට පාලනයට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම වෙනුවට ආර්ථිකය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයැයි ජනාධිපතිවරයා තදින්ම සිතා කටයුතු කරන බව එරට ආරංචි මාර්ග පවසයි. නමුත් රටේ ප්‍රධාන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත රටේ ප්‍රාන්ත 26න් බහුතරයක ආණ්ඩුකාරවරුන් තමන්ගේ ප්‍රාන්තයේ රෝගය ව්‍යාප්තය වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය ඇති කොට ඇති අතර අත්‍යවශ්‍ය නොවන වානිජ කටයුතු සහ මහජන සේවාවන් සියල්ල තාවකාලිකව තහනම් කොට ඇත.

ඊයේ (27) රාත්‍රීයේ දී රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රසීල ජනපතිවරයා නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. "මට සමාවෙන්න, සමහර අය මැරිලා යයි, ඔවුන් මැරෙයි, ඒක තමයි ජීවිතය" යැයි පවසන ජනපති බොල්සොනාරෝ තවදුරටත් කියා සිටින්නේ මරණ කිහිපයක් වාර්තා වීම නිසා කාර් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් වසා දැමීමට නොහැකි බවයි.

2022 වසරේ පැවැත්වීමට නියමිත බ්‍රසීල ජනපතිවරණයේ දී බොල්සොනාරෝගේ ප්‍රබල ප්‍රතිවාදියා ලෙස බොහෝ දෙනා මත පළ කරන සාඕ පාවුලෝ ආණ්ඩුකාර ජෝඕ ඩෝරීයා පවසන්නේ බොල්සොනාරේ රූපවාහිනි සාකච්ඡා පවත්වමින් වැරැදි තොරතුරු සමාජගත කිරීමට උත්සහා කරමින් සිටින බවයි.

Rate this item
(1 Vote)