April 25, 2024

"කොරෝනා නිසා නගර වැසීම අපරාධයක්" - බ්‍රසීල ජනපති බොල්සොනාරෝ

බ්‍රසීල ජනපති දිගින් දිගටම මතභේදාත්මක ප්‍රකාශ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ ප්‍රකාශයන් පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි කෝපයකි. ඔහු මෙවර තමන්ගේ නගරාධිපතිවරුන්ට හා ආණ්ඩුකාරවරුන්ට අපරාධකරුවන් යැයි චෝදනා කරයි. 

මීට පෙර ජනපති බොල්සොනාරෝ රියෝ ද ජෙනයිරෝ සහ සාඕ පාවුලෝ යන නගරයන්හී නගරාධිපතිවරුන්ට ඔවුන් විසින් පනවා තිබෙන ලොක්ඩවුන් නීතිය වහා හකුලා ගන්නා ලෙස දැනුම් දී තිබුණි. නමුත් ඔවුන් එම නීතිය දිගටම බලාත්මක කරමින් සිටි. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොල්සොනාරෝ පවසා තිබුණේ "ලෝකයේ නිර්මාණය වුණු අනිත් වෛරස් මීට වඩා මරණ සංඛ්‍යාවක් කරා, ඒත් මේ තරම් කලබලයක් තිබුණේ නැහැ" යන්නයි. ඔහු එහිදී වැඩිදුරටත් කියා තිබුණේ ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු සහ නගරාධිපතිවරුන් කිහිප දෙනෙකු එක්ව ප්‍රධාන නගර වසමින් අපරාධයක් සිදු කරන බවත් ඔවුන් බ්‍රසීලය විනාස කරන බවත්ය.

බොල්සොනාරෝ ජනපතිවරයාගේම ආණ්ඩුවේම ආරක්ෂක ප්‍රධානී වෙන ඔගස්ටෝ හෙලේනෝ ද වෛරසය පිළිබඳව අවතක්සේරු කරමින් සිටි. ඔහුට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වීමත් සමඟ වෛද්‍ය අංශ ඔහුට සති 02ක කාලයක් සඳහා ස්වයං නිරෝධායනයට යොමු වෙන ලෙස පවසා තිබුණත්, එම තීරණ නොසලකා හැරී ඔහු කැබිනට් රැස්වීමටද සහභාගී වී තිබුණි. 

බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රධාන නගර වසා දමන ලෙස බල කරද්දී ඔහුගේම සෞඛ්‍ය ඇමතිවරයා, නගරාධිපතිවරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු ප්‍රදේශීය නිලධාරීන් එකට එක්ව ඔහුගේ තීරණවලට එරෙහිව නැඟි සිටිහ. 

බ්‍රසීල සෙනට් සභාවේ සභාපතිවරයා වෙන ඩේවි ඇල්කොලුම්බ්‍රේ ජනාධිපතිවරයාගේ කතාවන් හෙළා දකිමින් පවසන්නේ ජනතාවගේ ජීවිතය සහ සෞඛ්‍ය ගැන බැරෑරුම්ව සිතා කටයුතු කරන නායකත්වයක් අවශ්‍ය බවයි. සාඕ පාවුලෝ ආණ්ඩුකාර ජෝඕ ඩෝරියා ජනාධිපතිවරයා මෙම අර්බුදයක් හට ගෙන ඇති අවස්ථාවක ජනාධිපතිවරයා ආදර්ශමත් ලෙස කටයුතු නොකිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරමින් පවසා තිබුණේ "රට මෙහෙයවන්න, බෙදන්න එපා" යනුවෙන් කියමිනි. බොල්සොනාරෝ ජනාධිපතිවරයා ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ද මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී ඇති බවට වාර්තා වෙයි.

බ්‍රසීලයේ ප්‍රධාන පෙළේ වෛද්‍ය සංගම් සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රිකස් මැන්ඩෙටා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි යන බියෙන් සිටින බවද වාර්තා වෙයි.

Rate this item
(1 Vote)