April 25, 2024

කොරෝනා හේතුවෙන් ලෝක ජනගහනයෙන් බිලියන 03ක් නිවෙස්වලට කොටුවෙයි

කොරෝනා වෛසර වන විට ලෝකයේ පුද්ගලයින් 471,035 දෙනෙකුට රෝගයට ආසාදනය වී අවසන්ය. තවත් පුද්ගලයින් 21,283 දෙනෙකු මරණයට පත්කර ඇත. ඉතාලිය දැඩිම පීඩාවට පත්ව සිටින රට බවට පත් වී ඇති අතර ස්පාඤ්ඤය ද ඊයේ (25) දිනයේ දී චීනයේ සිදු වු මරණ සංඛ්‍යාව අභිබවා ගියේය.

ඉන්දියාව ද රෝගය පාලනය කර ගැනීමට දින 21 කාලයක් සඳහා බිලියන 1.3ක ජනතාවක් සමඟ රටම ලොක්ඩවුන් කිරීමත් සමඟ බිලියන 7.7ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 3ක පමණ පිරිසක් තමන්ගේ නිවෙස්වලට කොටු වී සිටින බව වාර්තා වෙයි. 

Rate this item
(1 Vote)