March 29, 2024

"ඔබට කොරෝනා තිබෙනවා යැයි සිතා කටයුතු කරන්න" නවසීලන්ත අග්‍රාමාත්‍යවරියගෙන් අපුරු යෝජනාවක්

නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වෙන ජසින්දා ආර්ඩර්න් එරට රට වැසියන්ට අපුරු යෝජනාවක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

මේ වන විට නවසීලන්තය ලොක්ඩවුන් කිරීම සඳහා සූදානම් වෙමින් පවතින බව විදෙස් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව අද එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00ට මාසයක කාලයක් සඳහා නවසීලන්තය ලොක්ඩවුන් කරනු ඇත. එහිදී අත්‍යවශ්‍ය නොවන සියලුම සේවා සහ පාසල් සියල්ලම මේ මාසය පුරාවටම වසා දමනු ඇත. අග්‍රාමාත්‍යවරයි පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබුණේ මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් කොරෝනා වෛරසය පැතිරීමේ දාම ක්‍රියාවලිය බිඳ දැමීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

එහිදී ඇය වැඩිදුරටත් කියා තිබුණේ මෙම ක්‍රියාවලිය තුළදී කිසිම අත්වැරැද්දක් නොවීමට වග බලාගන්නා ලෙසයි. ඉදිරි සති කිහිපය තුළ දුෂ්කර වුවත් ඉක්මණින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවනු ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණි. 

"මෙම කාලය තුළදී කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව අවබෝධයක් නැතිනම් ඔබට එය ගැටලුකාරී නම්, එයට හරිම සරළ උත්තරයක් තියෙනවා" යැයි කියූ නවසීලන්ත අග්‍රාමාත්‍යරිය පවසා සිටියේ එවන් අවස්ථාවක "තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිතා" කටයුතු කරන ලෙසයි. එම අපුරු යෝජනාව විස්තර කරමින් පවසා තිබුණේ "එවිට ඔබ ගන්නා සෑම පියවරකම අනිත් අයට තිබෙන අවදානම් සහගත බව දැනෙනු ඇත. අප සියලු දෙනාම සාමූහිකව එලෙස සිතිය යුතුයි" යන්න ඇය කියා තිබුණා. ඇය තවත් කියා තිබුණා සියලු දෙනාම අන් අය ගැන සිතා කටයුතු කළ යුතු බවයි, එමෙන්ම රට වශයෙන් සියලු දෙනාම එය සිදුකරමින් සිටින බවද ඇය කියා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 March 2020 12:50