April 20, 2024

"කොරෝනා කියන්නේ මවා ගැනීමක් " - බ්‍රසීල ජනපති බොල්සොනාරෝ

බ්‍රසීල ජනපති බොල්සොනාරෝ කළ දැඩි මතභේදාත්මක ප්‍රකාශයක් පිළිබඳව ලෝකයේ බොහෝ දෙනාගේ විවේචනයන් එල්ල වී තිබේ. බ්‍රසීල ජනපතිවරයාට අනුව කොරෝනා වෛරසය යනු සියලු දෙනා සිතින් මවාගෙන සිටින "මවා ගැනීමක්" නැතහොත් "හීස්ටීරියා (Hysteria)" තත්ත්වයකි. ඔහු එරට ජනතාවට මෙම මවා ගැනීම් පැත්තකට දමා රැකියාවට යන ලෙස බල කරමින් සිටි. ඔහු විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ රියෝ ද ජැනෙයිරෝ සහ සාඕ පවුලෝ හී නගරාධිපතිවරුන්ට ලොක්ඩවුන් කරමින් යොදා තිබෙන නීති වහා හකුලා ගන්නා ලෙසයි.

ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුව එරට රට වැසියන් සාඕ පවුලෝ නුවර සහ බ්‍රසීලියා නුවරට එක්වී භාජන සහ බඳුන් පොළොවේ ගසමින් සම්ප්‍රදායික විරෝධතාවයක් ද කළ බව සඳහන් වෙයි. බ්‍රසීල ජනතාව තුළද තම ජනාධිපතිවරයා ගැන තිබූ ප්‍රසාදය ගිලිහෙමින් තිබෙන බව වාර්තා වෙයි.

ලෝකයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 04 ඉක්මවා තිබේ. 18,000ට වඩා වැඩි පිරිසකගේ ජීවිතය අහිමි වී තිබේ. ඉතාලිය ලෝකයේ දැඩිම පීඩාකාරී තත්ත්වයට මුහුණ දී සිටින රට බවටද පත්ව ඇති අවස්ථාව බ්‍රසීල ජනාධිපතිවරයාට මෙය මානසික රෝගයක් ලෙස පෙනෙන්නේ ඇයිද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරති. 

නැවතත් සාමාන්‍ය පරිදි ඔවුන් වැඩ කළ යුතු බවද බොල්සොනාරෝ ප්‍රකාශ කරයි. ඉතාලියේ සිදුවුණු දේ බ්‍රසීලයේ සිදුනොවන අතර බ්‍රසීලයේ පවතින උෂ්ණත්වය අධික කාලගුණය තුළ තමන්ගේ රටේ තරුණ පිරිස සිටින නිසා කිසිදු ආකාරයක බලපෑමක් නොවන බව බොල්සොනාරෝ විශ්වාස කරයි. වෛරස් රෝගය තමන්ගේ ජීවිතයට ආසාදනය වුවහොත් තමන්ට කිසිම දෙයක් නොදැනෙන බව පවසන බ්‍රසීල ජනපතිවරයා පවසන්නේ තමන් තරුණ කාලයේ හොඳ ක්‍රීඩකයෙකු බවයි. ඒ නිසා එය ඔහුට පොඩි උණක් පමණක් ලෙස දැනෙනු ඇති බව ඔහු කියා සිටියි.

බ්‍රසීලයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 2,247ක් සිටින අතර මරණ 46ක් වාර්තා වෙයි. මෙම ගණන් හිටිහැටියේ ඉහළ ගිය බව එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. බ්‍රසීලය තුළ අවදානම් බව නොතේරුම් ගතහොත් ඉදිරියේ මෙම සංඛ්‍යාවන් තවත් වැඩිවනු ඇති බව ඔවුන් පේනවා දෙයි. බ්‍රසීලය තුළ නියමිත සෞඛ්‍යා රක්ෂිත පියවර අනුගමනය නොකළහොත් ඉතාලිය මෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙන බව බොහෝ දෙනා පෙන්වා දෙයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 25 March 2020 11:40