April 19, 2024

මො⁣ළයේ සැත්කම අතරතුර වයලීන් වාදනය කළ අපූරු කාන්තාවක්

February 24, 2020

සිරස්තලය කියවන විටම ඇති වෙන්නේ කුතුහලයකි. නමුත් මෙම කුතුහලය උපදවන පුවත වාර්තා වෙන්නේ බ්‍රිතාන්‍යයෙන් ලන්ඩන් නුවරින්.

ඩග්මාර් ටර්නර් නම් වයලීන් වාදන ශිල්පිනියක් ඇයගේ මොළයේ හටගෙන තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමක් අතරතුර මෙම අපූරු වයලීන් වාදනය සිදු කර තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබුණා.

මෙම සැත්කම කර තිබූනේ නි⁣යුරෝන විශේ්ෂඥ වෛද්‍යවරයෙක් වන කීමර්ස් අෂ්කාන් විසින්. ඔහුට මෙම සැත්කම කිරීමට පෙර ඩග්මාර්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමට සිදුව තිබුණා. ඒ ඇයගේ දෑත් වයලීන් වාදනය කරන විට ඇයගේ මොළය එයට ප්‍රතිචාර දක්වන නිසයි. දින කිහිපයක දැඩි අධ්‍යනයකින් අනතුරුව ඇයගේ මොළයේ ක්‍රියාත්මක වීම සිතියම් ගත කරන වෛද්‍යවරුන් එයට අනුව සැත්කම ආරම්භ කරනවා.

ඩග්මාර් ටර්නර්ගේ දැඩි ඉල්ලීම මත හා වෛද්‍යවරුන් විසින් ඇයගෙන් ලබා ගත් විශේෂ ප්‍රකාශයක් සමඟින් ඩග්මාර් හට සැත්කම අතරතුර වයලීනය වාදනය කිරීමට ඉඩ ලබා දෙනවා.

54 හැවිරිදි ඩග්මාර් ටර්නර් වයස අවුරුදු 10 දී වයලීන් වාදනයට පිවිස තිබුණු අතර කාලයත් සමඟ ඇය වෘත්තීමය වයලීන් වාදන ශිල්පිනියක් බවට පත් වෙනවා. ඇයට සැත්කම කරන අවස්ථාවේ වයලීන් වාදනය කිරීමට අවශ්‍ය ව තිබුණේ ඇයගේ මොළයේ ඇති ගෙඩිය ඉවත් කරන අවස්ථාවේ ඇයගේ වයලීන් වාදන හැකියාව අහිමි වී යා හැකි යැයි සිතුව නිසයි.

ඩග්මාර් ගේ මිහිරි වයලීන් වාදනය සැත්කම් කාමරය තුළ සාර්ථකව වාදනය වෙන අතරේ වෛද්‍යවරුන් සුවිශේෂී තත්ත්වයන් මත ඇයගේ හිසේ සැත්කම ඉතාමත් සාර්ථකව සිදු කරනු ලැබූවා. 
සැත්කම අතරතුර වාදනයට ඇහුකම් දුන් ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා වෙන කීමර්ස් අෂ්කාන් ඇයට පවසා තිබුණේ ඇයගේ වාදනය සුන්දර බවත් එය දිගටම වාදනය කරන ලෙසත්ය.

වෛද්‍යවරුන් දැඩි ප්‍රයන්තනයකින් පසුව ඩග්මාර් ගේ මොළයේ ඇති ගෙඩියෙන් 90% ප්‍රමාණයක් සාර්ථකව ඉවත් කරනු ලැබූ බව සඳහන් වෙනවා.

මීට පෙරද 2018 වසරේ දී පුද්ගලයෙකු මොළයේ සැත්කමක් අතරතුර ගිටාරයක් වාදනය කර තිබුණා.

Rate this item
(0 votes)