March 29, 2024

උඩුගුවනේ තිබූ ගුවන් යානයක දොර විවෘත කිරීමට සැරසුණු තරුණියකට වසර 02ක සිර දඬුවම්

February 13, 2020

බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් උඩුගුවනේ තිබූ ගුවන් යානයක දොරක් විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් පසුව වසර 02ක සිර දඬුවමක් ලබා දුන් පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

මෙලෙස ගුවන් යානයේ යානයේ දොර විවෘත කිරීමට උත්සාහ කර ඇත්තේ ක්ලෝයි හේන්ස් නැමති 26 හැවිරිදි තරුණියකි. ඇය ලන්ඩන් නුවර සිට තුර්කිය බලා යමින් සිට ඇත. එහිදි ඇය විසින් ගුවන් යානයේ දොර විවෘත කිරීමට උත්සාහ දැරීමත් සමඟ අනෙකුත් මඟින් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් ඇයව නවතා ගැනීමට සමත්ව තිබෙනවා.

එම සිදුවීමෙන් පසුව බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා 2ක් ද ගුවන් යානායේ ආරක්ෂාවට පැමිණ තිබුණු අතර පසුව ගුවන් යානාය හදිසි ගොඩබැස්ස වීමක් ද සිදු කර තිබුණා.

මෙම සිදුවීම සිදුව තිබුණේ 2019 වසරේ ජූනි මාසයේ දී වෙන අතර ඊයේ (12) දිනයේ දී මෙම සිදුවීමේ නඩු තීන්දුව ලබා දී තිබුණා. එහිදී ඇයට වසර 02ක සිර දඬුවමක් හිමිව ඇතිබව වාර්තා වෙනවා.

Jet2 නම් ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් තුළ ඇයගේ හැසිරීමෙන් පසුව ඇයට එම සමාගමේ කිසිදු ගුවන් යානයක ජීවිත කාලය තුළ නැවත ගමන් කළ නොහැකි ලෙස වාරණයක් ද පනවන්නට එම ගුවන් යානා සමාගම කටයුතු කොට තිබුණා.

ඇය එසේ හැසිරීමට හේතුව ලෙස වාර්තා වී තිබුණේ මත්පැන් හා ඇය ලබා ගන්නා ඖෂධ නිසා ඇති වූ සංකූලතාවයක් නිසා බවයි පවසන්නේ. නමුත් මගීන් ඇතුළු තමන්ගේ කාර්ය මණ්ඩලයේ ජීවිතේ අනතුරට පත් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් Jet2 ගුවන් සමාගම ඇයට විරුද්ධව නඩු පවර තිබුණා.

Rate this item
(0 votes)