April 19, 2024

දිල්ලි මැතිවරණයේ ජය ආම් ආද්මි පක්ෂයට

February 12, 2020

ඉන්දියාවේ දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට අර්වින්ද් කේජ්රිවාල්ගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි පක්ෂය සමත් විය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ආම් ආද්මී පක්ෂය දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ ආසන 70 න් 62 ක විශිෂ්ට ජයක් හිමි කර ගෙන ඇති බවයි.

පාලක භාරතීය ජනතා පක්ෂය ආසන 8 ක් පමණක් දිනාගෙන තිබේ.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය කිසිදු ආසනයක් දිනා නොගැනීම විශේෂත්වයකි.

මේ හේතුවෙන් මත විමසුම් පෙන්වා දෙන්නේ, අර්වින්ද් කේජ්රිවාල්ගේ නායකත්වයෙන් යුත්, ආම් ආද්මී පක්ෂය 2015 වසරට සමාන ලෙස මෙවර මැතිවරණයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනු ඇති බවයි.

දිල්ලි ජනතාව නව ආකාරයක දේශපාලනයකට උපත දී ඇතැයි අරවින්ද් කෙජ්රිවාල් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)