March 29, 2024

ලෝක ප්‍රසිද්ධ දේශගුණික ක්‍රියාකාරිනියගෙන් යුරෝපා සංගමයේ ඉහළ නිලධාරියා සමාව අයැදී

February 11, 2020

ලෝකයේ බොහෝ දෙනාගේ දැඩි අවධානයක් හිමි කරගෙන තියෙන දේශගුණික ක්‍රියාකාරිනිය වෙන ග්‍රේටා තන්බර්ග් හට අපහාසතාක්ම අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා ලැබූ යුරෝපා සංගමයේ ඉහළ නිලධාරියෙකු සමාව අයැද ඇති බව සඳහන් වෙනවා.

මෙලෙස සමාව අයැද ඇත්තේ යුරෝප සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ නියෝජිත සහ උප සභාපතිවරයා වෙන ජොසෙප් බොරෙල් ෆොන්ටෙල්ස් විසිනි.

ඔහු විසින් සම්මුඛ සාකාච්ඡාවකට එක්වෙමින් “ යෞවන වයසේ පසුවන පිරිස ලෝක දේශගුණික විපර්යාස පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරනවා නම් ඔවුන්ට ඇත්තේ ග්‍රේටා සහලක්ෂණය (Greta syndrome)නැමති රෝගය බව” ඔහු පවසා තිබුණා. මෙම ප්‍රකාශය සහ ඔහු දේශගුණික විපර්යාස පිළිබඳව දැක් වූ අදහසත් යෞවන වියේ පසුවන හා තරුණ පිරිසගේ මැදිහත් වීම ගැන කළ කතාව හේතුවෙන් ලෝකයේ බොහෝ දෙනා ඔහව ට්විටර් සමාජජාලය වැනි සමාජජාල වෙබ් අඩවි හරහා දැඩි ‍දෝෂාරෝපණය කර තිබුණු බව ප්‍රකාශ කර තිබුණා.


දිගින් දිගටම එල්ල වු දෝෂාරෝපණයන් හා විරෝධයන් හමුවේ ජොසෙප් බොරෙල් ෆොන්ටෙල්ස් ට්විටර් සමාජජාලයට පණිවිඩයක් එක්කරමින් තමන් සමාව ගැනීමට සුදානම් බව ප්‍රකාශ කර තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඔහු කළ ප්‍රකාශයේ නුසුදුසු දෙයක් සඳහන් වූවා නම් ඒ නිසා අමනාපයෙන් සිටින ඕනෑම කෙනෙකුගෙන් සමාව අයැදීමට ඔහුට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කරන වැදගත් තරුණ ව්‍යාපාරයන්වලින් ඔහු අවස්ථා කිහිපයකම මෙලෙස සමාව ඇයද ඇතිබවත් ඔහුගේ සහය ඉදිරියේ දී එම ව්‍යාපාරයන්ට ලබා දීමට සුදානම් බවද ප්‍රකාශ කර තිබුණා.

ග්‍රේටා තන්බර්ග් ලෝක ප්‍රසිද්ධ ‍Time සඟරාවේ 2019 වසරේ පුද්ගලයා ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 February 2020 14:43