April 24, 2024

නව කොරෝනා වෛරස රටට ඒම වැළැකීමට හොංකොං දේශ සීමා වසා දමයි

චීනයේ ව්‍යාප්ත වු නව කොරෝනා වෛරසය මේ වන විට ජීවිත 100ක් බිලිගෙන අවසන්ය. එමෙන්ම තවත් 4,500ක ප්‍රමාණයකට වැළැඳී ඇතිබව ද චීනය දෙසින් වාර්තා වේ.

මෙවැනි තත්ත්වයක්හට ගෙන ඇති අවස්ථාවක හොංකොං රාජ්‍ය තමන්ගේ දේශ සීමාවන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. එ් අනුව වේග දුම්රියන් හා ප්‍රවාහන නෞකාද ගමනාගමනය නවතා දමනු ඇති.

හොංකොං රාජ්‍ය ප්‍රධානී කැරී ලැම් පවසා සිටියේ හෙට (30) බ්‍රහස්පතින්දා දිනයේ දී මෙලෙස දේශ සීමාවන් වසා දමන බවයි. ඇය මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ මුහුණු ආවරණයක් ද පැළැඳ සිටියා.

ඇය වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළ සිටියේ ප්‍රධාන රාජ්‍ය වෙන චීනය දෙසට ධාවනය වෙන ප්‍රවාහන නෞකාවන්, වේග දුම්රිය වැනි දේ නවතා දමන බවයි. එමෙන්ම චීනය වෙතට යෑමට තිබූ අවසර පත්‍රයන් ද ලබා දීම නවත බවද ඇය ප්‍රකාශ කර සිටියා.

මේ වන විටත් ලෝකයේ රටවල් 16ක පමණ නව කොරෝනා වෛරසය පැතිරී ඇතිබව සඳහන් වෙනවා.

Rate this item
(1 Vote)