February 26, 2020

නව කොරෝනා වෛරසය ⁣නිසාම දින 06ක් තුළ ඉදිවෙන චීනයේ වුහාන් රෝහල

චීනයේ වුහාන් ප්‍රදේශයෙන් සොයාගත් නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය වෙන බව අනාවරණය වීමත් සමඟ චීනය දහ දහස් ගණන් පිරිසක් සමඟ වුහාන් ප්‍රදේශයට පිවිසිම සහ පිට වීම වසා දැමීමට තීරණය කරනු ලබනවා.

මෙම වෛරස ආසාදනය වී ඇති පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනය දැනටමත් ක්‍රියාකාරමින් සිටිනවා.

දින 06ක් තුළ ඉදිවෙන වුහාන් රෝහල

දින 06ක් තුළ චීනය විසින් නව කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී ඇති රෝගීන් සඳහාම රෝහලක් ඉදි කිරීම මේ වන විටත් මුළු ලෝකයේ ම අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඇඳන් 1000කින් යුතු මෙම නව රෝහල වර්ග මීටර් 25,000ක භූමියක් තුළ ඉදි කිරීමට නියමිතව ඇති බව වාර්තා ⁣වෙනවා.

මෙම නව රෝහල ඉදිකිරීම පිළිබඳ එරට විදේශ සම්බන්ධතා ගෝලීය සෞඛ්‍ය පිළිබඳ කවුන්සිලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු වන යෙන්ෂොන්ග් හුවාන්ග් කියා සිටින්නේ චීනය මෙවන් ඉදිකිරීම් කිරීම සඳහා ලෝකයේ කීර්තියක් දිනාගෙන සිටින බවත්, ඔවුන්ගේ ඉංජිනේරුවන්ට හා කම්කරුවන්ට වේගවත් හා කාර්යක්ෂමව මෙවන් ඉදිකිරීමක් කිරීමට හැකියාව ඇති බවයි.

පෙබරවාරි 03 වැනිදා මෙම රෝහල සාදා නිම කිරීමට නියමිතයි.

2003 වසරේ දී චීනයේ බිජීං නුවර ෂියෝටැන්ෂාන් රෝහල

2002-2004 වසරේ දී නව කොරෝනා වෛරසයේම තවත් වෛරසයක් වු SARS - CoV ව්‍යාප්ත වීමත් සමඟ 2003 වසරේ දී චීනයට ද එයින් බලපෑම් එල්ල වීමට පටන් ගත්තා. එහිදි පුද්ගලයන් 770කට ආසන්න පිරිසක් මරණයට පත් වු බව සඳහන් වෙනවා.

මෙම තත්ත්වය පැන නැගුනු අවස්ථාවේ ද චීනය එම SARS - CoV වෛරසයට ගොදුරු වුවන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කරන ලද භූමියක් තුළ විශේෂිත රෝහලක් වු ෂියෝටැන්ෂාන් රෝහල දින 07ක් තුළ නිර්මාණය කිරීමට චීනය සමත් වෙනවා.

එය එකළ වෛද්‍ය ඉතිහාසය තුළ සිදු වු ඓශ්චර්යක් බවටද පිළිගනු ලැබු බව සඳහන් වෙනවා

දින 06 ක් තුළ ඉදිවෙන වුහාන් රෝහලේ වැදගත්කම

චීනය තුළ දැනට වාර්තාවෙන අන්දමට පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 2,800ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
මෙම රෝහල තුළ දී මෙම වෛරස් රෝගයට ගොදුරු වුවන් හා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහාම විශේෂිත පහසුකම් සහිතව මෙම රෝහල ඉදි කිරීමට නියමිත තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ, ඖෂධ වර්ග මෙන්ම, රෝහල් උපකරණ හා අනිකුත් පහසුකම් සපයන දේවල් නිෂ්පාදනය සඳහා දැනටමත් චීන රජය විසින් එරට කාර්මාන්ත ශාලාවන්ට උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 January 2020 09:59

Related items