April 16, 2024

‘කොරෝනා’ චීනයේ තවත් නගරයක් ගිලගනී

මාරාන්තික වෛරසය පැතිර යෑමත් සමඟ චීනය අද (24) තවත් නගරයකට සංචාරක තහනමක් පැනවීය. 

ඒ අනුව මේ වනවිට චීනයේ නගර නවයකට සංචාරක තහනම් පනවා තිබෙන අතර එම නිසා මිලියන 32කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති. 

වයිරසය පිළිබඳ මුලින්ම තොරතුරු වාර්තා වූයේ හුබෙයි පළාතේ ජින්ග්ෂූවලිනි. 

ග්‍රිනිච් වේලාවෙන් අලුයම 4 සිට දුම්රිය සේවාවලට නගරයෙන් පිටවීම නවතා දැමූ අතර, පොදු බස් රථ, මගී ප්‍රවාහන සේවා, සංචාරක බස්රථ, බෝට්ටු යනාදී සියල්ල තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීහු පියවර ගත්හ. 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 January 2020 17:42