April 26, 2024

රජ පවුල හැරයාම ගැන හැරීත් ශෝකයෙන්

රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත.

ඔහු පැවසුවේ, ඒ සඳහා ඔහුට වෙන විකල්පයක් නොවූ බවයි. හිටපු නිළියක වන ඇගේ බිරිඳ මේගන් සහ ආචි පුතු සමඟ ගෙවන නිදහස් දිවියක් වෙනුවෙන් රාජකීය තනතුරු අත්හැරීමට සිදුවන බවද ඔහු කීය. එය මෙවැනි තත්වයක් දක්වා පැමිණීම ගැන තිබෙන්නේ බලවත් කනගාටුවක් යැයි ද ඔහු කීය.

හැරීගේ මෙම තීරණය බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි කම්පනයකට ලක් කළේය.

රාජකීය ජීවිතය පවත්වාගැනීමට ආධාර වූ මහජන මුදල් ඕනෑම මොහොතකදී අහිමිකර ගැනීමට සූදානම් බවද ඔහු කීය. බ්‍රිතාන්‍ය හමුදාව සමඟ කළ සේවය වෙනුවෙන් ඔහු ලබාගත් දෑ සහ එම තනතුරු අත්හැරීම ඔහුට වේදනාවක් බවද හැරී සඳහන් කර ඇත.

‘අපි එක්තරා විශ්වාසයක් උඩිනුයි මේ පැනයන්න හදන්නේ. මේ පියවර ගන්න මට ධෛර්යයක් වුණාට ඔබ සැමට ස්තූතියි’ යැයිද කීය.

ඔපෙරා වින්ෆ්‍රි, ඔබාමා වැනි ප්‍රකට පුද්ගලයන් ඇසුරුකරමින් සමාජ මාධ්‍යවල අවධානය දිනාගත් තරුවක් වන මේගන් බ්‍රිතාන්‍යයේ පැරණි සංකේත සහ සංස්කෘතින් සම්බන්ධයෙන් කවර අදහස් දරන්නේදැයි දන්නේ කිහිපදෙනෙකු පමණි.

පසුගිය ඔක්තෝබරයේදී ඇය රූපවාහිනී නාලිකාවක පෙනී සිටිමින් පැවසුවේ, පැමිණිලි කිරීමට නොහැකි කුලවත්කම සම්බන්ධ බ්‍රිතාන්‍ය සංවේදනය පිළිගැනීමට සිදුවීම වෙහෙසකර බවයි. ‘එය නෙමේ ජීවත්වීමේ අර්ථය කියන්නේ’ යැයි ඇය වේදනාවෙන් පිළිගෙන තිබිණි.

1997දී පැපරාසීන් විසින් සිය මව වන ඩයනා කුමරිය ලුහුබැඳීම හේතුවෙන් ඇය මෝටර් රථ අනතුරකට ලක්ව මිය ගිය බවද එතැන් පටන් අද දක්වාම ඔවුන් නොනැවතී සිය පවුල පසුපස ලුහුබැඳ ඒමෙන් තමා පීඩාවට පත්ව සිටින බවද හැරී පැවසීය.

මේගන් කුමරිය සිය පියාට යැවූ බව කියන පෞද්ගලික ලිපියක් පුවත්පතේ පළකිරීම හේතුවෙන් හැරී සහ මේගන් දෙදෙනා එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව ද නඩු පවරා තිබිණි.

කෙසේවෙතත්, ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ, හැරීගේ පියා වන චාල්ස් කුමරු ඔහුට ලැබෙන පෞද්ගලික ආදායමෙන් කොටසක් ලබන වසරේදී හැරී වෙනුවෙන් වියදම් කරනු ඇති බවයි.

Rate this item
(1 Vote)