February 17, 2020

පරිසරය හා ජීවිත සුරැකීමට චීනය පොලිතින් තහනමට සැරසෙයි

චීනය යනු ලෝකයේ පොලිතින් අධික ලෙස භාවිත කරන රටවල් අතරින් එකකි. ඒ හේතුව නිසාම චීනය දැඩි පාරිසරික ගැටලු රාශියකටද මුහුණ දෙමින් සිටින නිසා චීනය එක් වරක් පමණක් භාවිත කළ හැකි පොලීතින් තහනම් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2020 වසරේ දී චීනයේ ප්‍රධාන නගර තුළත්, 2022 වන විට චීනයේ කුඩා නගර හා අනිකුත් ප්‍රදේශයන් තුළත් ක්‍රමානුකූලව පොලිතින් භාවිතය තහනම් කිරීමට හා ඉවත් කිරීමට එරට පාලකයන් ⁣මේ වන විටත් කටයුතු සම්පාදනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

චීනය තුළ බිලියන 1.4 ක ජනගහනයක් ජීවත් වන අතර ඔවුන් විසින් ඉවත දමන කැලි කසළ කලමණාකරණය කිරීම ගැන චීනය මුහුණ පා සිටින තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙනවා. චීනයේ පවතින විශාලම කැලි කසළ අංගනය වෙන Jiangcungou කසළ අංගනයද ධාරිතාව ඉක්මවා ඇති බවත් සඳහන් වෙනවා.

ඒ අනුව එක් වරක් පමණක් භාවිත කළ හැකි පොලිතින්, ප්ලාස්ටික් සහ මිලි මීටර් 0.025 ට වඩා අඩු අගයක් ගන්නා පොලිතින් කවර ද තහනම් කිරීමට චීනය කටයුතු යොදා ඇතිබවත් සඳහන් වෙනවා.

Rate this item
(1 Vote)