April 19, 2024

ඕස්ට්‍රේලියානු ගිනි නිවන භටයන් වෙනුවෙන් හැඩ වු සිඩ්නි ඔපෙරා රඟ මඬල

මුළු ලෝකයේම අවධානය දිනා ගත් ඕස්ට්‍රේලියානු ලැව් ගින්න නැවැත්වීමට අසීමිත කැප කිරීමක් කළ ඕස්ට්‍රේලියානු ගිනි නිවන භටයන් වෙනුවෙන් ස්තූතිය පළ කිරීම සඳහා අද (13) ඕස්ට්‍රෙලියානු වෙලාවෙන් සවස් කාලය එළඹීමත් සමඟ ඕස්ට්‍රේලියානු සිඩ්නි ඔපෙරා රඟ මඬල අලංකාර වු සිතුවමකින් අලෝකමත් කරනු ලැබුවා.

"අපිට බලාපොරොත්තු සහගත බවත්, ශක්තියත් ගැන ලෝකයාට පණිවිඩයක් ලබා දීමට අවශ්‍ය වුණා. ඒ වගේම විශේෂයෙන් ම අපේ හදිසි ඒකකයන්ටත් ස්වේච්ඡා සේවකයන්ටත් ඔවුන්ගේ අසීමිත කැප කිරීම ඔවුන්ගේ ධෛර්යටත් ස්තූතියි කිරීමට අවශ්‍ය වුණා." යැයි ඔපෙරා රඟ මඬලේ නිලධාරීන් මෙම අපුරු අලෝක රටාව ගැන විස්තර කරමින් පවසා සිටියා.

ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුළ සිදු වු ඛේදජනකම විනාශය බවට මෙම ලැව් ගින්න පත් වු අතර සහන සේවකයෙකු ඇතුළු 27 දෙනෙකුටත් සතුන් මිලියන 480කට වඩා අධික ගණනකටත් මෙහිදි දිවි අහිමි වුණා.

Rate this item
(1 Vote)