April 20, 2024

"මම හෙට ප්‍රකාශයක් කරනවා" - ප්‍රහාරය ගැන ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

ඉරානයේ වීප්ලවීය යුධ නායක කාසීම් ⁣සුලෙයිමා⁣නිගේ ඝාතනයට ප්‍රතිචාර දක්වමින් අද ඉරානය විසින් ඉරකායේ අල් අසාද්වල පිහි⁣ටි අමෙරිකානු යුධ කඳවුරක් ඉලක්ක ගත කරමින් මිසයිල ප්‍රහාරයන් දියත් කරනු ලැබුවා.

මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, සියල්ල හොඳින් බවත්, සිදු වී හානිය පිළිබඳව තක්සේරු කිරීම ආරම්භ කර ඇති බවත්ය.

ලෝකයේ හොඳම හමුදාව තම රටේ සිටින බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිනයේ දී ප්‍රකාශයක් නිකුත් කරන බව  ට්විටර් සමාජජාලයට පණිවිඩයක් එකතු කරමින් පවසා තිබුණා.

Rate this item
(2 votes)