March 29, 2024

ඕස්ට්‍රේලියාවේ තවමත් පවතින ලැව් ගිනි හේතුවෙන් සිදු වූ ජිවිත හා දේපළ හානි ඉහළට

සඳුදා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිරෙමින් තිබෙන ලැව් ගිනි හේතුවෙන් සිදුව තිබෙන ජිවිත හානි හා දේපල හානි සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.

මේ වන විට මෙම ගින්නෙන් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සතිය ආරම්භයේ සිට වෙරළාසන්න ගම්මානවල පැතිරී ගිය ගින්නෙන් නිවාස 200ට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.

ගින්න මඳක් පාලනය වීමත් සමඟ මෙතෙක් වසා දමා තිබූ වික්ටෝරියා ප්‍රාන්තය දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය බදාදා දෙපැයකට විවෘත කර ප්‍රදේශවාසීන්ට පිට වීමට ඉඩ ලබා දී තිබුණි.

නමුත් ගින්න පැතිරී යන පළාත්වල තවමත් විශාල පිරිසක් රැදී සිටින අතර, ඉන් එක් නගරයකට බෝට්ටු මඟින් ගිය පොලිසිය, පානීය ජලය ටොන් 1.6ක් බෙදා දුන්නේය.

සැප්තැම්බර් මස සිට නැගෙනහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හරහා හමා යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ.

Rate this item
(0 votes)