April 20, 2024

අගමැති බොරිස් ජොන්සන්ට ලැබුණු ජය බ්‍රෙක්සිට් සඳහා ලැබුණු ජන වරමක්

December 13, 2019

දෙසැම්බර් 12 වනදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය දැන් නිකුත් වී හමාරය. ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ආසන 326ක් අවශ්‍ය වේ.

එම ඉලක්කය ඉතාමත් පහසුවෙන් පසු කර යමින් බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුත් පාලක කොන්සවේටිව් පක්ෂය ආසන 364ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තේය. 

පහුගිය මහා මැතිවරණයේදී එම පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 297ක් පමණි. 

ප්‍රතිවිරුද්ධ ජෙරමි කෝබයින් නායකත්වය දුන් කම්කරු පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 203ක් පමණි. එය 1935න පසු කම්කරු පක්ෂය ලැබූ බරපතලම පරාජය ලෙස හැඳින්වේ. 

පහුගිය මහා මැතිවරණයේදී කම්කරු පක්ෂයට ආසන 245ක් ජයග්‍රහණය කිරීමට හැකි විය. 

කොන්සවේටිව් පක්ෂයේ මෙම ජයග්‍රහණයත් සමඟම අගමැති බොරිස් ජෝන්ස්ටන්ට බ්‍රෙක්සිට් එනම් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීම සඳහා එරට වැසියන් ලබා දී ඇති ජන මතය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි බව විශ්වාස කෙරේ. 

බ්‍රිතාන්‍ය එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, සහ උතුරු අයර්ලන්තයෙන් සමන්විත වේ. 

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වුණොත් ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය. ඒ ඔවුනට යුරෝපා සංගමයේ රැදී සිටීමට ඇති අවශ්‍යතාවය නිසාය. 

Rate this item
(0 votes)