April 24, 2024

ලෝක කාන්තා නිමැවුම්කරු ශ්‍රේණිගත කිරීම්වල ලංකාවට 08 වැනි තැන

ලෝකයේ බොහෝ නව නිෂ්පාදනයන් නව නිර්මාණයන් අතර බොහෝ පිරිසක් සිටින්නේ පිරිමි පාර්ශවයයි. නමුත් ගෙවී ගිය දශක කිහිපය තුළ ලෝකයේ මෙම නව නිෂ්පාදනයන් හා නව නිර්මාණයන් අතර ඉදිරියට පැමිණිමට කාන්තාවන්ට ද හැකියාවක් ලැබී ඇත. මහ බ්‍රිතාන්‍යයට අයත් බුද්ධිමය දේපළ ආයතනය ( UK's Intellectual Property Office) ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව එම දර්ශකයේ 34.22% ක අගයක් ලබා ගනිමින් 08 වැනි ස්ථානයේ පසුවෙයි.

එම දර්ශකයේ මුල් ස්ථානයන් හිමි කරගෙන තිබෙන්නේ ටෝගෝ රාජ්‍යය (57.14) සහ උගන්ඩාව (44.55) වයි.

එම දර්ශකයට අනුව අමෙරිකා එක්සත් ජනපදය හා මහ බ්‍රිතාන්‍යය පිළිවෙලින් 110 වැනි ස්ථානය සහ 120 වැනි ස්ථානයේ පසුවෙයි.

මුලාශ්‍රයන් - https://www.weforum.org/agenda/2019/10/countries-highest-numbers-female-inventors?fbclid=IwAR1YZh8i23nE9GOc_jIyk7DMX0i2KpQHnWlpMqhkwGJPL-Qjq7a7YJNlmws

             - https://www.gov.uk/government/publications/gender-profiles-in-worldwide-patenting-an-analysis-of-female-inventorship-2019-edition

Rate this item
(0 votes)