March 29, 2024

ඉන්දියාව සහ පාකිස්ථානය ගැන ට්‍රම්ප්ගේ අරුම පුදුම ප්‍රතිපත්තිය

September 25, 2019

ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති ජන රැලියකදී ඇමරිකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයින් එකම වේදිකාවක සිට ජනතාව ඇමැතීමේ සිදුවීම ලෝක අවධානයට ලක් වී තිබේ.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමඟ එකම වේදිකාවේ සිටි ඇමරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් පකිස්ථානයට චෝදනා කරමින් සඳහන් කලේ ඇමරිකාවේ සහ ඉන්දියාවේ සිදුවන ත්‍රස්ත කටයුතු සඳහා වගකිව යුත්තන්ට පහසුකම් සපයන බවයි. 

මෙම ප්‍රකාශයෙන් පසු ඉන්දියාවේ සමාජ ජාල මාධ්‍ය වල සඳහන් වුයේ ඉන්දියාව, පාකිස්ථානය පරාජය කර ලබා ගත් තවත් ජයක් ලෙසයි. 

එහෙත් ඊට පසුදින තමා පාකිස්ථානයේ මිතුරෙකු බවත් පාකිස්ථාන නායක ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨ නායකයෙකු බවත් සඳහන් කරමින් ඉරානය ලොව අංක එකේ ත්‍රස්ත රාජ්‍ය ලෙස ට්‍රම්ප් විසින් නම් කරන ලදී.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉන්දීය සමාජ ජාල මාධ්‍ය වල පුදුමයට ලක්වී තිබිණි.

මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින අතර එහිදී වෙළඳ සහ සරණාගත ප්‍රශ්න ගැන විසදුම් සෙවීම සඳහා සාකච්ජා පැවැත්වීමට නියමිතය. 

Rate this item
(0 votes)