March 29, 2024

සෞදි තෙල් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරයෙන් තෙල් මිල ගණන් ඉහළට

September 16, 2019

යේමනයේ හුටු මුස්ලිම්වරුන් ඩ්‍රෝන් මිසයිල යොදා ගනිමින් සෞදි අරාබියාවේ විශාලම ඛනිජ තෙල් පිරිපහදුව වන සෞදි ඇරම්කෝවට එල්ල කළ ප්‍රහාරය හමුවේ ලෝක බොරතෙල් මිල ගණන් 19% කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලෝක බොර තෙල් මිල ඇ.ඩො. 71 දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය මාස 4 තුළ ලෝක බොරතෙල් මිල වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය අවස්ථාව මෙයයි.

මේ ප්‍රහාරයත් සමඟ ලෝක තෙල් සැපයීම 5% කින් ඇණ හිට තිබේ. ඒ ලෝකයේ ප්‍රධාන පෙළේ බොරතෙල් ව්‍යාපාර කරන සමාගමක් වන සෞදි ඇරම්කෝව විසින් දෛනිකව නිෂ්පාදනය කරන තෙල් බැරල් ලක්ෂ 57ක් කපා හැරීමත් සමඟය.

Rate this item
(0 votes)