March 29, 2024

ජනමාධ්‍ය නිදහස කප්පාදු කර ඇති ලොව ප්‍රධාන රටවල් 10

September 11, 2019

ලොව ජන මාධ්‍ය නිදහස කප්පාදු කර තිබෙන රටවල් අතුරෙන් පළමු තැන එරිට්රියාව රාජ්‍යයට හිමි වන බව ජාත්‍යන්තර ජන මාධ්‍ය අයිතීන් සුරැකීමේ සංවිධානවල නවතම වාර්තා වල සඳහන් වේ.

ඉන්පසු පිලිවෙලින් උතුරු කොරියාව, ටර්ක් මෙනිස්තාන්, සවුදි අරාබිය, චීනය, වියට්නාමය, ඉරානය, ඉක්වෝටොරියල් ගිනීයා, බෙලෝරස් සහ කියුබාව ලොව ජනමාධ්‍ය නිදහස කප්පාදු කොට තිබෙන මුල් රටවල් 10ට අයත් වේ. මෙම රටවල් 10 අතුරෙන් 6ක්ම ආසියානු කලාපයේ රටවල් වේ.

ඇමරිකාව මුල් කොට කටයුතු කරන මාධ්‍යවේදීන් සුරැකීමේ කොමිටියට අනුව එරිට්රියාව සහ උතුරු කොරියාව හා ටර්ක් මෙනිස්තාන් යන රටවල් 3 ලොව ජනමාධ්‍ය නිදහස කප්පාදු කොට ඇති ප්‍රධාන රාජ්‍යයන් තුන සේ සැලකෙයි.  මෙම රාජ්‍යයන් තුන රටේ සියලුම මාධ්‍ය රජයේ හොරණෑ ලෙස පාවිච්චි කරන අතර ස්වාධින මාධ්‍යවේදීන්ට රට අතහැර යාමට සිදුවන ආකාරයට කටයුතු සලස්වා ඇත.

සවුදි අරාබිය, චීනය, වියට්නාමය සහ ඉරානය යන රටවල මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිර භාරයට ගැනීම මෙන්ම ඔවුන්ව වද බන්ධන වලට ලක් කිරීම සිදු වන බව එම කොමිටිය පෙන්වා දෙයි. 

ලොව මාධ්‍ය නිදහස කප්පාදු කර ඇති මෙම රටවල් 10 මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සඳහා නව තාක්ෂණයෙන් යුතු අංග උපාංග බටහිර රටවලින් මිලදී ගෙන ඇති බවද එම කොමිටියේ විධායක අධ්‍යක්ෂ ජොඑල්සයිමන් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)