March 29, 2024

"අප්‍රිකාවේ ආභරණය" වළපල්ලට ගෙන ගිය රොබට් මුගාබේ

September 06, 2019

ස්වභාවික සම්පත් වලින් පිරි සිම්බාබ්වේ රාජ්‍ය අන්ත දුගී රටක් බවට පත් කරමින් රටේ සම්පත් කොල්ල කෑ නිදහස් සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රථම නායකයා වූ රොබට් මුගාබේ මිය ගොස් තිබේ.

මිය යන විට 95 වන වියේ පසු වූ රොබට් මුගාබේ පසුගිය අප්‍රේල් මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියේය.

රටේ ඇති වූ මහජන විරෝධතා නිසා 2017 නොවැම්බර් මාසයේ ඔහු විසින්ම පත් කළ හමුදා නිලධාරීන් දියත් කල කුමන්ත්‍රණයකින් මුගාබේ ව බලයෙන් පහ කරන ලදී.

එහෙත් ඒ තීන්දුව පිලි ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරන ලදී.

රොඩේෂියාව නමින් හැදින්වූ දකුණු අප්‍රිකාවේ ප්‍රාන්තයක් ලෙස පැවති සිම්බාබ්වේ රාජ්‍ය නිදහස් රාජ්‍යයක් වීමෙන් පසු 1980 දී පැවති පළමු මැතිවරණයෙන් ජයගෙන මුගාබේ අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් විය.

ඒ අනුව ඔහු නිදහස් සිම්බාබ්වේ රාජ්‍යයේ පළමු රාජ්‍ය නායකයා ලෙස පිලි ගැනේ. 1987 දී අග්‍රමාත්‍ය ධුරය මුල් වූ පාලන ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කොට බලයෙන් පහ කරන තෙක්ම එම ධුරයෙන් පහ කරන ලදී.

ඔහු ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් ගෙන එමින් සිම්බාබ්වේ රාජ්‍යයේ ඉඩම් අක්කර දහස් ගණනක් සිය බිරිද ඇතුළු හිතවතුන්ට කොල්ල කෑමට සැලැස්විය. ඒ හැරුණු කොට විරුද්ධවාදීන් ඝාතනය කරමින්, මර්ධනය කරමින්, දුෂිත මැතිවරණ පවත්වා ජයග්‍රහණය කරමින් කලක් "අප්‍රිකාවේ ආභරණය" නමින් හැදින්වූ සිම්බාබ්වේ රාජ්‍යය ලොව අන්ත දුගී දුප්පත්ම රාජ්‍ය බවට පත් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 September 2019 12:03