September 16, 2019

ඉන්දීය කාශ්මීරයේ තත්ත්වය දරුණු වේ

ඉන්දීය කාශ්මීරයේ තත්වය ඉතා දරුණු වී ඇති බව වාර්තා වේ. 

ඉන්දීය මධ්‍යම රජයේ හමුදාව විසින් කාශ්මීර විරෝධතාකරුවන් මර්දනය කිරීමේ කටයුතු ඉතා අමානුෂික අයුරින් ඉටු කිරීම ඊට හේතු වී තිබේ.

මේ වන විට දහස් ගණනක් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ව දරුණු පහරදීම් වලට හා විදුලි කම්පන තත්වයන්ට භාජනය කොට තිබේ. 

මෙම අත්අඩංගුවට ගැනීම් වල සුවිශේෂිත්වය වන්නේ ඉන්දීය හමුදාව විසින් මධ්‍යම රාත්‍රියේදී නිවෙස් වලට සහ ගම්මාන වලට කඩා වැදී කටයුතු කිරීමයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය රජයට පක්ෂපාති අය මෙන්ම බෙදුම්වාදී අයද සිටියි.

විශාල ජන සහභාගිත්වයකින් යුත් විරෝධතා සහ එහිදී සිදු කරන ගල් ගැසීම් මැඩලීමට දහස් ගණනක ඉන්දීය හමුදාවක් කාශ්මීරයට යොදවා තිබේ.

එය ආයුධ සන්නද්ධ හමුදා ඉතා විශාල පිරිසක් රැදී සිටින ලොව ප්‍රධාන ප්‍රදේශ අතරට ගැනේ. 

එම දරුණු තත්වයට හේතු වී තිබෙන්නේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තියේ මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයට ලබා දී තිබු අර්ධ ස්වයං පාලන තත්වය අහෝසි කිරීමයි. 

ඉන්පසු කාශ්මීර පාලනය ඉන්දීය මධ්‍යම රජය යටතට ගෙන තිබේ. මෙම තීන්දුව ගෙන තිබෙන්නේ ඉන්දීය මධ්‍යම රජයේ ඉතා ප්‍රබල චරිතයක් වන එරට ස්වදේශ කටයුතු ඇමති අමිත් ශා විසිනි. 

Rate this item
(0 votes)
DLB Desktop