March 28, 2024

කැලිෆෝනියාවට නුදුරු මුහුදේදී යාත්‍රාවක් ගිනිගෙන 25ක් මරුට

September 03, 2019

කැලිෆෝනියාවට නුදුරින් ශාන්ත කෲස් දිවයින ආසන්නයේ මුහුදේදී යාත්‍රාවක් ගිනිගැනීම හේතුවෙන් මියගිය පුද්ගලයින් 25දෙනකුගේ සිරුරු සොයාගත් බව ඇමරිකානු වෙරළ ආරක්ෂක භටයෝ පවසති.

යාත්‍රාවේ සිටි නවදෙනකු අතුරුදන්වී ඇති බවත් කාර්යමණ්ඩලයේ පස්දෙනකු දිවි බේරා ගෙන ඇති බවත් සඳහන් වේ.

ලොස් ඇන්ජලීස් නගරයට කිලෝමීටර් 145ක් පමණ බටහිරින් මෙම අනතුර සිදුව ඇත.

ගිනිගත් යාත්‍රාව මුහුදේ ගිලී ඇති අතර අනතුරට හේතුව පැහැදිලි නැතැයි පොලිසිය පවසයි.

යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ එහි 39දෙනකු ගමන් කරමින් සිටි බව පැවසේ.

Rate this item
(0 votes)