April 25, 2024

ඇමරිකාවේ ටෙක්සාස්හි වෙඩි තැබීමකින් 7ක් මරුට - 22ක් රෝහලේ

September 02, 2019

මිට ටික වෙලාවකට පෙර ඇමරිකාවේ බටහිර ටෙක්සාස්හි  සිදු කල වෙඩි තැබීමකින් 7 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ වන විට තුවක්කුකරුව පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර වෙඩි තැබූ පුද්ගලයා හෝ ඊට බලපෑ හේතුව මෙතෙක් හෙළිදරව් කරගෙන නොමැත.

රථ වාහන සංඥා පුවරුවක් අසල සිදු කල මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අය අවුරුදු 15ත් 55ත් අතර මාස 17ක දැරියකගේ මුහුණටද වෙඩි වැදී තිබේ.

වයස අවුරුදු 30ක් පමණ වන සුදු ජාතිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. ඔහු මුලින්ම පොලිස් සංචාරක රථයකට වෙඩි තබා පලා යන අතර තුර මඟ දෙපස සිටි ජනතාවටද වෙඩි තබා තිබේ. ඉන්පසු අතර මඟදී බඩු ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්ද පැහැරගෙන ගොස් තිබේ.

මෙම වෙඩි තැබීම සිදු කල පුද්ගලයා මානසික ලෙඩෙකු ලෙස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී ඇති අතර ඇමරිකාවේ ගිනි අවි ප්‍රතිපත්තිය ඊට වඩා දැඩි විය යුතු බව විචාරකයන් පෙන්වා දෙති.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 September 2019 12:31