April 20, 2024

ඉන්දීය අධිවේගී මාර්ග ව්‍යාපෘති නතර කරන ලෙස ඉන්දීය අගමැතිගෙන් නියෝගයක්

අධිවේගී මාර්ග සඳහා ගෙවිය යුතු ණය පසුගිය වසර 5 තුළ 7 ගුණයකින් ඉහල යාම මත ඉන්දියාව පුරා ඉදි කෙරෙන අධිවේගී මාර්ග ව්‍යාපෘති නතර කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් මිට ටික වෙලාවකට පෙර ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වූ නියෝගය අධිවේගී මාර්ග ඉදි කිරීමේ වගකීම පැවරී ඇති ඉන්දීය ජාතික මහා මාර්ග අධිකාරිය (NHAI) වෙත දන්වා තිබේ. මෙම අධිකාරිය විසින් අධිවේගී මාර්ග ඉදිකිරිම සැලසුමකින් තොරව මෙන්ම සීමාවකින් තොරව එම මාර්ග දීර්ඝ කරන බවට චෝදනා නගමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන තිබේ.

NHAI ආයතනය අධිවේගී මාර්ග සඳහා පවරා ගන්නා ඉඩම් සඳහා මුදල් ගෙවීමේ තමන් සතු බලය පාවිච්චි කරමින් ඉඩමේ වටිනාකම මෙන් කිහිප ගුණයක මුදල් ගෙවා ඇති බවත් මහ මාර්ග ඉදි කිරීම සඳහා ඉතා ඉහල මුදලක් යොදවා ඇති බවත් මේ නිසා අධිවේගී මාර්ග ඉදි කිරීම මුල්‍යමය වශයෙන් ඉතා අහිතකර තත්වයක තිබෙන බව පවසමින් අග්‍රාමත්‍ය කාර්යාලය විසින් NHAI ආයතනයට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.

මේ නිසා NHAI ආයතන මාර්ග සඳහා සහය දෙන කළමනාකරණ සමාගමක් බවට පරිවර්තනය කල යුතු බවට යෝජනාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් යෝජනා කර ඇති අතර ඊට සතියක කාලයක් තුල පිළිතුරු ලබා දෙන ලෙස එම ආයතනයට දැනුම් දී තිබේ.

අධිවේගී මාර්ග සඳහා ගෙවිය යුතු මෙම ණය මුදල් මත ඉන්දීය ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 August 2019 12:53