March 29, 2024

ලොව රෝද හතරේ වේගවත්ම කාන්තාව මීට සුළු මොහොතකට පෙර මිය යයි

රෝද හතරේ වාහනයක් වේගයෙන්ම පැදවූ ජීවමාන කාන්තාව වූ 39 හැවිරිදි ඇමරිකානු ජාතික ජෙසී කොම්බ්ස් මිට ටික වේලාවකට පෙර දරුණු මෝටර් රථ අනතුරකින් මිය ගොස් තිබේ.

ජෙසී මිය ගොස් තිබෙන්නේ වේගයෙන්ම රිය පැදවීමේ නව ලෝක වාර්තාවක් බිහි කිරීම සඳහා ජෙට් බලශක්තියෙන් යුත් මෝටර් රථයක් ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ධාවනය කරමින් සිටියදී සිදු වූ අනතුරකිනි.

ජෙසී එහිදී උත්සාහ කර තිබෙන්නේ 1976 දී පැයට කිලෝමීටර් 824ක (පැයට සැතපුම් 512) වේගයකින් රථයක් පදවා කිටිඕ නීල්ගේ ලෝක වාර්තාව බිඳ හෙලීමට යාමේදී බවද වාර්තා වේ.

"ජෙසිගේ එකම බලාපොරොත්තුව වූයේ පෘතුවියේ වේගවත්ම කාන්තාව වීමයි. එය ඇය 2012 සිට හබා ගිය සිහිනයයි. ඇය ජිවිතයෙන් සමු ගත්තේද ලොව අන් හැම කාන්තාවකටම වඩා වේගයෙන් රථයක් පදවමින් සිටියදීය." යැයි ඇගේ පවුලේ උදවිය ප්‍රකාශ කරයි.

ජෙසී ලොව රෝද හතරේ වේගවත්ම කාන්තාව ලෙස හැඳින්වුයේ 2013 වර්ෂයේදී ඇය පැයට කිලෝමීටර් 641ක (පැයට සැතපුම් 398) වේගයෙන් වාහනයක් ධාවනය කිරීම නිසාය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 29 August 2019 12:51