April 25, 2024

සුවිශේෂී තත්ත්වය ඉවතට - කාශ්මීර් අර්බුධය දිග් ගැස්සෙයි

ඉන්දීය රජය සිය ව්‍යවස්ථාව මඟින් තම පාලනය යටතේ තිබෙන කාශ්මිරට ලබා දීමට තිබූ සුවිශේෂී තත්ත්වය අවලංගු කර තිබේ.

වසර 70කට වැඩි කාලයක් අර්බුධයක්ව පැවතෙන කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජය ගත් ප්‍රබලම තීන්දුව මෙය ලෙස සැලකේ.

ඒ අනුව ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය යටතේ මුස්ලිම් බහුතරයක් සිටින කාශ්මීරයට ලබා දී තිබේ සුවිශේෂී තත්වය අවසන් වීමත් සමඟ සිය ව්‍යවස්ථාවක් ක්‍රියාවට නැංවීමේ බලය මෙන්ම ආරක්ෂක, සන්නිවේදනය සහ විදේශ කටයුතු හැර අන් විෂයන් සම්බන්ධයෙන් ස්වයං තීරණ ගැනීමේ අයිතිය ද කාශ්මීරයට අහිමි වී තිබේ.

මේ සමඟම කාශ්මීරය තුළ හටගෙන තිබෙන තත්වය පාලනය කිරීමට අතිරේක බල ඇණි යවා ඇති අතර එහි සිටින ප්‍රාදේශීය දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමට ද ඉන්දීය රජය කටයුතු කරමින් සිටියි.

ඉන්දීය සුප්‍රීම් උසාවිය මෙම තීන්දුව සම්බන්ධයෙන් සිය අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ඉන්දීය රජයට දන්වා තිබේ.

Rate this item
(0 votes)