April 20, 2024

"ට්‍රම්ප් පොඩි ළමයෙක්" - 2020 අපේක්ෂකත්වයට තවත් අයෙක් ඉදිරිපත් වෙයි

ඇමරිකානු ජනාධිපතිවරණය 2020යේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කිරීම සඳහා දෙවැන්නෙකුද ඉදිරිපත් වී සිටියි.

ඒ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම නිවේදකයෙකු වන ජෝ වෝල්ස් විසිනි.

"රට මේ මිනිසාගේ වැඩ නිසා අපහසුතාවයට පත් වී තිබෙනවා. ඔහු ළමයෙක් යැයි 57 වන වියේ පසුවන වෝල්ස් පවසයි.

මේ පිළිබඳව ට්‍රම්ප් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. 

වොල්ස්ට පෙර පසුගිය අප්‍රේල් මාසයේ ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වයට ප්‍රථමයෙන්ම අභියෝගයක් එල්ල කළේ මැසචුසෙට්ස් හි හිටපු ආණ්ඩුකාර බිල් වෙල්ඩ් විසිනි.

කෙසේ වුවද රිපබ්ලිකන් පක්ෂය තුල ඇති වී තිබෙන ට්‍රම්ප් උන්මාදයට අභියෝගයක් එල්ල කළ හැකිද යන්න ගැටලුවකි.  

Rate this item
(0 votes)