March 29, 2024

ඇමසන් ගින්න නිවන්න ලෝක බලවතුන් හතේ සහය

ඇමසන් වැසි වනාන්තරයේ හට ගෙන තිබෙන ගින්න නිවා දැමීමට G 7 නොහොත් ලොව බලවත්ම රාජ්‍ය හතේ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සමුළුවකදී එකඟතාවයකට පැමිණ තිබේ.

මෙම එකඟතාවයට අනුව ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ සහ මුල්‍ය සහය ඉතා නුදුරේදීම ලැබෙන බව එමානුවෙල් මක්රොන් පවසයි. බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට අයත් කොටසේ ඇති වී තිබෙන මෙම ගින්න ලෝකයේම අවධානයට ලක්ව තිබේ.

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ මෙම ගින්න නිවීමට නොව එම ගින්න ව්‍යාප්ත කිරීමට අනුබල දෙන බවට චෝදනා එල්ල වී තිබේ. 

එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, මහා බ්‍රිතාන්‍ය සහ කැනඩාව යන රටවල නායකයින්ගේ සහභාගිත්වයෙන් දැන් පැවැත්වේ. 

Rate this item
(0 votes)