April 19, 2024

රජිව් ගාන්ධි ඝාතනයේ වැරැදිකාරියට දියණියගේ විවාහයට යන්න අවසර

ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වු රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ වූ නාලිනි ශ්‍රීහරන් හට ඇයගේ දියණියගේ විවාහයට සහභාගී වීමට අවසර ලබා දුන් පුවතක් ඉන්දියානු මාධ්‍ය අද වාර්තා කර තිබුණා. 

1991 දී ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වරදකාරීයක් වූ නාලිනි ශ්‍රීහරන් හට මරණ දඬුවම හිමි වුවත් පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට පරිවර්තනය කර තිබුණි. ඒ අනුව ඇය වසර 28ක කාලයක් තිස්සේ සිරගතව සිටී.

පසුගිය 05 වැනිදා නාලිනි විසින් ඇයගේ දියණියගේ විවාහයට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන්නැයි වෙල්ලෝර් බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ සඳහා ඇය මාස 6ක නිදහසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ඇයට හිමිවී තිබුණේ දින 30ක කාලයක් පමණයි. 

මීට පෙර ද නාලිනි හට ඇයගේ පියාගේ මරණය සඳහා සහභාගී වීම සඳහා 2016 වසරේ දී පැය 12ක තාවකාලික නිදහසක් ලබා දී තිබුණි. 

නාලිනි ශ්‍රීහරන් හට දියණියගේ විවාහයට සහභාගී වීම සඳහා අවසර ලබා දෙමින් අධිකරණය ඇයට විශේෂයෙන් අවධාරණය කර තිබුණේ ඇයට ලැබුණු දින 30ක කාලය තුළ කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක් වෙත හෝ ප්‍රසිද්ධියේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකර ලෙසයි.

නාලිනි ශ්‍රීහරන්ගේ දියණිය උපත ලබා තිබුණේ ද වෙල්ලෝර් බන්ධනාගාරය තුළ දී වීම විශේෂත්වයක්. පසුව ඇය මහ බ්‍රිතාන්‍යය වෙත යවා ඇති අතර එහිදී හැදී වැඩුණු නාලිනිගේ දියණිය එහිදී වෛද්‍ය විද්‍යාව හදරා ඇති බව සඳහන් වෙනවා. නාලිනි ශ්‍රීහරන් විසින් ඇයගේ දියණියගේ විවාහයේ කටයුතු සිදු කිරීමට නියමිත බවද සඳහන් වෙනවා.

Rate this item
(0 votes)