April 20, 2024

ඉන්දුනීසියානු මැතිවරණයේ ජෝකෝ පෙරමුණ ගනී

ඉන්දුනීසියානු දේශපාලනය මේ දිනවල තරමක් උණුසුම් වී ඇත. ඒ ඉන්දුනීසියාවේ පවත්වන මැතිවරණය හේතුවෙනි. මේ මැතිවරණය තරමක් සුවිශේෂීය. මන්ද ඉන්දුනීසියාව ප්‍රථමවරට ජනපති තෝරා ගැනීමත්, ව්‍යවස්ථාදායක මැතිවරණයත් දෙකම එකට පැවැත්වීම නිසයි.

අපේක්ෂකයන් 245,000ක් ඉන්දුනීසියාවේ ආසන 20,000ක් වෙනුවෙන් තරඟ කරති. ඡන්ද මධ්‍යස්ථාන 800,000ක දී ඡන්දය විමසන අතර මැතිවරණ නිලධාරීන් මිලියන 6ක් එහි කටයුතුවලද නිරත වී සිටිති. එරට ජනගහනයෙන් (268,962,075) 75.26% දෙනෙකු ඡන්දය ලබා දීමට ද සුදුසුකම් ලබා සිටි. ඡන්දය සඳහා සති 06ක පමණ කාලයක් ද ගත වෙන බව සඳහන් වෙයි.

මෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් ජනපති ජෝකෝ වීඩෝඩෝ නැතිනම් ජෝකෝවී ඔහුගේ විපක්ෂ අපේක්ෂකයා හිටපු හමුදා ප්‍රබලයෙකු වන ප්‍රාබෝ‍ව් සූබියන්ටෝ ට වඩා පෙරමුණ ගන්නට සමත් වී ඇත.

බදාදා (17) ප්‍රකාශිත ඡන්දවලින් 55% කින් තමන්ගේ බලය තහවුරු කර ගන්නට ජෝකෝවි ට හැකියාව ලැබී ඇත. ප්‍රබෝව් හට ලැබී ඇත්තේ 44%ක් පමණි.

ජෝකෝවි මෙම මැතිවරණය ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් දිනනු ඇතැයි මැතිවරණ විචාරකයන් ද මත පළ කරමින් සිටි.

අවසන් ඡන්ද ප්‍රතිඵලය මැයි 22 නිකුත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)