March 28, 2024

"ප්‍රංශයේ හදවත අපි නැවත ගොඩ නගනවා" - ප්‍රංශ ජනපති දිවුරුම් දෙයි

පසුගිය දා ලෝකයේ මිලියන සංඛ්‍යාත පිරිසකගේ නෙතට කඳුළු එක් කරමින් ලෝක උරුමයක් සහ ජේසුස් වහන්සේ ට පැළැඳු කටු ඔටුන්නේ කොටසක් ද සහිත නොත්‍රදාම දේවස්ථානයට හදිසි ගින්නක් නිසා දැඩි අලාභ හානි සිදුවිය.

ක්‍රි.ව 1163 දී මෙහි ඉදි කිරීම් ආරම්භ වී තිබුණු අතර වසර 850කට වඩා පැරැණි දේවස්ථානයකි. මෙහි ඇති වටිනාකම සහ පූජනීය බව නිසා ම කිතුණු භක්තිකයන්ගේ පමණක් නොව වෙනත් ආගමිකයන් ගේ ද නිතර ගෞරවාදරයට පත් වූ ස්ථානයක් විය. නොත්‍රදාම දේවස්ථානය ඒ නිසා ම ප්‍රංශයේ හදවත ලෙස ද නම් කොට ඇත.

මෙම දෙ මෙම ගිනි ගැනීමෙන් එම දේවාස්ථානයේ සැකිල්ලට දැඩි හානියක් සිදු වී ඇති බව ද සඳහන් වේ. මෙම ගින්නෙන් විනාශ වු නොත්‍රදාමය නැවත ගොඩ නැගීම සඳහා යූරෝ මිලියන 600ක මුදලක් වැය වෙනු ඇති බව සඳහන් වෙනවා.

ප්‍රංශ ජනපති එමෙනුවෙල් මැක්රෝන් දේවස්ථානය විනාශය බැලීමට ගිය අවස්ථාවේ පවසා තිබුණේ ඔවුන් වසර කිහිපයක් තුළ නොත්‍රදාමය නැවත ගොඩ නැගීමට සුදානම් බවත් ඒ සඳහා ප්‍රංශ ජනතාවගේ ද සහාය අවශ්‍ය බවත් ය. ඔහු වැඩි දුරටත් පවසා තිබුණේ නොත්‍රදාම දේවස්ථානය පෙරට වඩා ලස්සනට ගොඩ නැගීමට ඔවුන් කටයුතු කිරීමට සුදානම් බවයි.

මෙම හානියෙන් පසු දේවස්ථානය නැවත ගොඩ නැගීම සඳහා ප්‍රංශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ බිලියනපතියෙකු වන François-Henri Pinault විසින් යුරෝ මිලියන 100ක ආධාර මුදලක් ද පරිත්‍යාග කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධය එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු විශාල රටවල් ප්‍රමාණයක් ප්‍රංශය වෙත විශේෂ ශෝක ප්‍රකාශ නිකුත් කරමින් තමන්ගේ කණගාටුව ප්‍රකාශ කර ඇති බව ද සඳහන් වේ

Rate this item
(0 votes)