April 23, 2024

පැරීසියේ ගින්නකින් පෞරාණික ස්ථානයක් විනාශ වෙයි (PHOTOS)

පැරීසියේ ඊයේ දින (15) ඇති වූ ගින්නක් නිසා පැරීසියේ ⁣ඓතිහාසික වටිනාකමකින් යුතු නොත්‍රදාම දේවස්ථානයට (Notre-Dame) හානි සිදු වී ඇති බව වාර්තා වෙනවා.

නොත්‍රදාමය ඉදි කිරීම් ආරම්භ කර තිබුණේ ක්‍රි.ව 1163 දී පමණය. මෙය පැරීසිය තුළ තරමක ප්‍රසිද්ධියකට පත් ව තිබූ ස්ථානයකි. මෙම දේවස්ථානයේ ජේසුස් වහන්සේ ට පැළඳූ කටු ඔටුන්නේ කොටසක් ද තැන්පත් කර තිබෙනවා. ගින්න නිසා දේවස්ථානයේ සැකිල්ලට හානි සිදු වී ඇති බවත් ඒ නිසා කොටස් කිහිපයක් කඩා වැටී ඇති බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබුණා.

මෙම සිදුවීමෙන් පසු⁣ ලෝකය පුරා සිටින කිතුණු භක්තිකයන් දැඩි ලෙස ශෝකයට පත් වී ඇති බවත් සඳහන් වෙනවා. නොත්‍රදාම දේවස්ථානය සියලු දෙනාගේ ම භක්තියට හා ගෞරවයට නිතරම පාත්‍ර වූ ස්ථානයකි.
ගින්නෙන් සිදු වු විනාශය ගැන අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා වන එමෙනුවෙල් මැක්රෝන් පවසා සිටියේ එය රටට සිදු වූ අති විශාල පාඩුවක් බවයි.

ගින්න⁣ට හේතුව සොයා මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වෙනවා.

Image may contain: cloud, sky and outdoor

Image may contain: sky, cloud and outdoor

Image may contain: sky, cloud, night and outdoor

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 April 2019 10:43