April 20, 2024

රයිනෝලා මරන්න ගිහින් අලි ගහපු දඩයක්කරුව සිංහයන් ගොදුරු කර ගනී

මේ අපුරු පුවත වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවේ ජාතික උද්‍යානයක් වන කූගර් ජාතික උද්‍යානයෙන්. පසුගිය 07 වැනිදා දඩයක්කරුවෙක් තවත් හතර දෙනෙකු සමඟ කූගර් ජාතික උද්‍යානයට ඇතුළු වන්නේ රයිනෝලා දඩයම් කිරීමේ අරමුණ ඇතිවයි. නමුත් ඔවුන්ට නොසිතූ දෙයකට මුහුණ දෙන්නට එහිදී සිදුවුණේ කිසිම විදියකට නොසිතූ දෙයකට. ඔවුන්ට ඇතුන්ගේ ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙනවා. මේ පහර දීමෙන් දඩයක්කරු මිය ගොස් තිබුණා.

මිය ගොස් සිටි දඩයක්කරුගේ සහායකන් පිරිස විසින් ඔහුගේ සිරුර උද්‍යානයේ ප්‍රධාන පාර වෙත ගෙන ගොස් තිබු අතර ඔවුන් මළ සිරුර පාරේ සොයා ගත හැකි ලෙස තබා තිබුණේ උදේ පාන්දරම එය කාටවත් සොයා ගත නොහැකි ලෙස උද්‍යානයෙන් පිට කිරීමේ අරමුණ ඇතිවයි. නමුත් එම පිරිස උදේ පාන්දර මළ සිරුර තබා තිබූ තැනට ගියත් එය සොයා ගත නොහැකි වූ බව පොලීසිය වෙත පවසා තිබුණා.

පුද්ගලයා මිය ගොස් නොසිටින්නට ඇති බව සැක පළ වුණත් මිය ගිය දඩයක්කරුගේ සහායකයන් ඔහු මිය ගොස් සිටි බව දැඩි ලෙස ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව කූගර් උද්‍යාන බලධාරීන් හා පොලීසිය එක්ව මිය ගිය පුද්ගලයා සොයා ගවේෂණයක් ආරම්භ කරනවා. ඒ ගවේෂණයන් අතර ඔවුන් සිංහයන් ගැවසෙන ප්‍රදේශයකට පැමිණෙන අතර එහිදී ඔවුන් මිනිස් හිස්කබලක් සහ කළිසමක කොටස් සොයා ගන්න සමත් වෙනවා.

සහායකයන් පිරිස මිය ගිය දඩයක්කරුගේ සිරුර පාරේ සඟවා තබා තිබූ තැනින් සිංහයන් සිරුර ඇදගෙන යන්නට ඇති බව උද්‍යානය බලධාරීන් සැක පළ කර තිබුණා. පසුව එම පිරිස දඩයම සඳහා රැගෙන  ආ ගිනි අවි සහ තවත් උපකරණ කිහිපයක් උද්‍යානය බලධාරීන් භාරයට ගෙන තිබුණා.

Rate this item
(1 Vote)